(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එරාවුර් නගරයේදී පුද්ගලයන් පිරිසක් මාර්ගයේ දණගස්වා හිරිහැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදාව කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ වු නිලධාරියෙක් ඇතුළු යුද හමුදා කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පවසයි.
එරාවුර් නගරයේ සංචරණ සීමා උල්ලංඝනය කරමින් සිටි පිරිසක්. අල්ලා ඊයේ (19) හමුදාව විසින් ඔවුන් දණ ගස්සවා අත් ඉහලට ඔසවා ගෙන ඔසවාගෙන සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමගම මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව හමුදා ප්‍රකාශක වරයා කීය.
බොහෝ පිරිසක් සංචරණ නීති උල්ලංඝණය කරමින් නගරයේ තැන තැන සැරිසරා ඇති බවත් හමුදාව විසින් හෝටලයක් සෝදිසියට ලක් කරන අවස්ථාවේ එම හෝටලයේ පුද්ගලයන් 18 දෙනෙකු රැදී සිට ඇති හමුදා ප්‍රකාශකවරයා කීය .
සීමා උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගයන් සම්බන්ධයෙන් සොයා බලන ලෙසට නගරාධිපතිවරයාද හමුදාව දැනුවත් කර තිබූ බව හමුදා ප්‍රකාශක ප්‍රකාශකවරයා කියා සිටියේය.
කෙසේ වුවද හමුදාව මේ ආකාරයෙන් ජනතාවට හිංසා කිරීම අනුමත නොකරන බවත් එමගින් හමුදාවේ කීර්ති නාමයට ද කැළලක් ඇතිවන බව හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම සිද්ධිය සැල වූ වහාම යුද හමුදාපතිවරයාගේ නියමයෙන් යුද හමුදා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණයෙන් අනතුරුව අදාළ හමුදා කණ්ඩායමට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිවිල් වැසියන් දණ ගැස්සුවාට යුද හමුදාවෙන් විශේෂ පරික්ෂණයක්
Binkunndaa Monday, 21 June 2021 12:08 AM
දණ ගහන්න නොවේ තියෙන්නේ... කසෙන් ගහන්න... නීති තියෙන අයට...